රජරට පුරවරයේ රඹෑව ප්‍රදේශයෙන්, දැනුමෙන් කුසලතාවයෙන් පරිපූර්ණ මනා පෞරුෂත්වයකින් හෙබි දරු පරපුරක් ජාතියට දායාද කරමින් අතීත ප්‍රෞඩත්වය නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමේ මහගු මෙහෙවරෙහි රඹෑව විදු මාතාව නියැලී සිටි. ප්‍රදේශයේ සියලු දූදරුවන්ට ගුණාත්මක සම-සාධාරණ අධ්‍යාපන අවස්ථා හා පහසුකම් සැපයීමේ අරමුණ පෙරදැරිව ජාතික පාසලක් ලෙස සිය මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමට රඹෑව විදු මව අපේක්ෂාවෙන් සිටී.
සාරධර්ම, ගුණධර්ම වලින් පිරිපුන් විද්‍යාත්මක වූත්, තාක්ෂණික වූත් නව ලෝකයට ගැළපෙන උදාරතර සිසු පරපුරක් බිහි කිරීම.
අධ්‍යාපනික, ජාතික අරමුණු හා විද්‍යාලයීය අරමුණු ඉටු වන අයුරින් විද්‍යාලයීය සිසුන් හා ප්‍රජාව නව ලොකයට සරිලන පරිදි සමාජීය, ආර්ථික, ආගමික, සංස්කෘතික හා විද්‍යානුකූල අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම තුලින් එළඹෙන හෙට දින ජය ගැනීම.