රඹෑව මධ්‍ය මහා විද්‍යාලය

Clean Sri Lanka" ජාතික වැඩසටහන සම්බන්ධව විද්‍යාලයීය සිසු දරුවන් දැනුවත් කෙරේ...

slider5.jpeg
slider5.jpeg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම ශිෂ්‍ය වාර්තා පොත (SRB) දිනපතා පාසලට රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 
  • පෙ.ව. 7.15ට ප්‍රථම සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණිය යුතු ය
  • නිකරුනේ පාසල් භූමිය තුළ හැසිරිම සම්පුර්ණයෙන් ම තහනම් වේ.
  • ඉගෙනුම් ක්‍රියාකාරකම් හෝ විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා පංති කාමරයෙන් බැහැර වන්නේ නම් අදාළ ගුරුභවතුන්ගේ වගකිම් යටතේ අවසර ඇතිව එම කාර්යයන් සදහා සහභාගි විය යුතුය.
  • පාසලට ඇතුළු වන සෑම අවස්ථාවක ම පාසල් නිල ඇඳුමින් සැරසී සිටිය යුතුය.

  • ජංගම දුරකථන හෝ සියලු ම වර්ගයේ විද්‍යුත් තැටි (CD,Flash Drive, Maltirnedia Playes) පාසල තුළට රැගෙන ඒම සපුරා තහනම් වේ.
  • දිනපතා පැමිණිම 80% කට වඩා වැඩිවීම අනිවාර්යය වේ.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් වාහන, යතුරු පැදි හෝ පා පැදිවල නැගී පාසලට ඇතුළුවීම තහනම් වන අතර පාසල අවසන් වූ විට ඒ ඒ ශ්‍රේණි වලට නියම කර ඇති ආකාරයෙන් පාසලෙන් පිටවිය යුතුය.

  • දිනපතා පාසලට පැමිණීම සඳහා ලබාගන්නා ලකුණු වාර විභාග සඳහා එකතු කරනු ලැබේ.
  • පාසලට නොපැමිණෙන දිනවල ඒ පිළිබද විස්තර SPB හි අදාළ තිරුවල දෙමාපියන් විසින් අත්සන් සහිත වූ සටහන් තබා නැවත පාසලට පැමිණි දිනම පන්තිකාර ගුරු භවතාගේ අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතුය. නොපැමිණීම සම්බන්ධයෙන් වෙනත් ලිපි ඉදිරිපත් කිරීම නොකළ යුතුය.
  • දින 41ක දිර්ඝ නොපැමිණිම නාම ලේඛනයෙන් නම ඉවත් කිරීමට බලපානු ඇත.