රඹෑව මධ්‍ය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

Clean Sri Lanka" ජාතික වැඩසටහන සම්බන්ධව විද්‍යාලයීය සිසු දරුවන් දැනුවත් කෙරේ...

slider5.jpeg
slider5.jpeg

 

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ වයි.ජී. හින්නි අප්පුහාමි මුදලාලි මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව 1947 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1948 ජනවාරි 15 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1940 දෙසැම්බර් 20 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එම්.ඒ. ජයසේන මහතාය. එතුමන් සමග ආර්.එම්. විලියම් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍ර දේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ගම්මුලාදෑනී ඩබ්ලිව්. ඒ. විජේසිංහ මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.